
(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- ඩයගම මාර්ගයේ මනරාසිය නගරය අසල පාලමේ සිදු කරනු ලබන අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සඳහා අද (26) සිට ලබන 31 දින දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මෙම මාර්ගයේ තලවකැලේ සිට මනරාසිය නගරය අසල අලුත්වැඩියා කරනු ලබන පාලම දක්වා රථවාහන ගමන් කළ හැකි බවත්, පාලමෙන් ඉදිරියේ පිහිටි ආගරපතන හා ඩයගම නගර දක්වා ගමන් කිරීම සඳහා හැටන් දික්ඔය හරහා වැටී ඇති පෝඩයිස් මාර්ගය විකල්ප මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි බවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ත්‍රී රෝද රථ, යතුරුපැදි හා පා ගමනින් යන ජනතාවට පමණක් වැඩ බිම හරහා කඩින් කඩ යැවීමට පියවර ගෙන ඇති බවද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.


