(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ හෝකන්දර හන්දියේ සිට මීටර් 200ක පමණ දුරින් මාර්ගයේ කොටසක් අද(17) ගිලා බැස ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මාර්ගයේ එක් ස්ථානයක අඩි 10ක පමණ කොටසක් එක්වරම ගිලා බැස ඇති අතර ඊට යාබදව ස්ථාන කිහිපයක්ම සුළු ගිලාබැසීම් සහ ඉරිතැලීම් සිදුව තිබේ.
බර වාහන ධාවනයත්, පසුගිය දිනවල පැවති වර්ෂා තත්ත්වයත්, මාර්ගය හරහා ජලය ගෙන යන නළ පද්ධතියේ කටයුතු නිසි ප්‍රමිතියකින් සිදු නොවීමත් මෙම ගිලා බැසීමට හේතු වන්නට ඇති බව ප්‍රදේශවාසීහු කියති.
මේ හේතුවෙන් තලවතුගොඩ හෝකන්දර මාර්ගයේ කොටසක වාහන ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණ හිට තිබිණි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කිරීමට පොලිසිය රියදුරන්ට උපදෙස් දී තිබේ.