තරුණයාට පහර දුන් යුද හමුදා නිලධාරිට වැඩ වරදී


(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

කුරුණෑගල, යග්ගහපිටිය ඉන්ධන පිරවුම්හලේදී පුද්ගලයකුට පහරදුන් බවට චෝදනා එල්ල වී ඇති යුද හමුදා නිලධාරියා වාහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරිවලින් තාවකාලිකව ඉවත් කළ බව යුද හමුදාව පවසයි.

එම සිද්ධිය පිළිබඳව යුද හමුදාව ක්‍රියාත්මක කර තිබෙන පරීක්‍ෂණය අවසන් වන තෙක් එම රාජකාරිවලින් ඉවත්කිරීම බලපැවැත්වෙන බව ද යුද හමුදාවේ උසස් නිලධාරියෙක් කීය.