(රංජන් කස්තුරි)
කැලණිය දුම්රිය ස්ථානයේ ප්‍රවාහන බඩු කිරන තරාදිය වසර දෙකක් තිස්සේ අක්‍රීයවීම නිසා ජනතාව මෙන්ම දුම්රිය සේවකයෝද බලවත් අපහසුතාවකට පත්ව සිටිති.
කැලණියට ආසන්න අවට ප්‍රදේශ රැසකින් ජනතාව විවිධ ප්‍රදේශවලට දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන අතර තරාදිය අක්‍රීයවීම නිසා ඔවුන්ට හුණුපිටිය හෝ මරදාන දුම්රිය ස්ථාවවලට ගොස් එම කටයුතු කර ගැනීමට සිදුවී ඇතැයි ද වාර්තා වේ.
පොල්,හාල්, තේකුඩු, ලී බඩු එළවළු ආදිය කැලණිය දුම්රිය ස්ථානයේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කළ අතර තරාදිය අක්‍රීයවීම නිසා වසර දෙකක සිට බඩු ප්‍රවාහනයට බාර නොගන්නා බව ද වාර්තා වේ.

