තයිලන්ත - කාම්බෝජ සරන් විරාමයකට එකඟ වේ?


(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්ත කාම්බෝජ දේශසීමාවේ අඛණ්ඩව දෙවැනි දිනටත් දරුණු ගැටුම් හට ගැනීම හේතුවෙන් දේශසීමාව ආසන්නයේ ඇති දිස්ත්‍රික්ක අටකට හමුදා නීතිය ප්‍රකාශයට පත් කිරීමට තායිලන්ත බලධාරීහු අද (25) කටයුතු කළහ.

දේශසීමාවේ දෙරට අතර ඇති වූ ගැටුම්හේතුවෙන් තායිලන්තයේ පමණක් 15ක් මිය ගොස් තවත් 45 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු සඳහන් කළහ.

එසේම ගැටුම් හේතුවෙන් තායිලන්ත වැසියන් 138,000 ක් අවතැන් වී ඇතැයිද පැවසෙයි.

තායිලන්ත හමුදා කාම්බෝජයට එල්ල කළ ප්‍රහාරයන්ගෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීහු සඳහන් කළහ.

කාම්බෝජ හමුදාවේ රොකට් හා ෂෙල් වෙඩි ප්‍රහාර තායිලන්ත දේශ සීමාවේ ඇති පුරාණ පන්සල්වලට එල්ල වීම හේතුවෙන් ඊයේ (24) දෙරට අතර දේශසීමා ගැටුම් ආරම්භ විය.

එහිදී කාම්බෝජ හමුදා ප්‍රහාරයට පිළිතුරු ලෙස තායිලන්ත හමුදා එෆ්-16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා යොදා ගනිමින් කාම්බෝජ හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබිණි.

මේ වන විට දෙපාර්ශවයම ප්‍රතිපත්තිමය වශයෙන් සටන් විරාමයකට එකඟ වී ඇත.

කෙසේ වෙතත් දෙපාර්ශ්වයේම ප්‍රහාරවලින් දෙරටේ පුරාණ පන්සල් කිහිපයකටම හානි සිදුවී ඇත.