තණමල්විල අනතුරකින් 29 ක් රෝහලේ


(ඉන්දිකා රාමනායක)

තණමල්විල කුඩා ඔය අලි වංගුව අසලදී අද (5) සිදුවූ රිය අනතුරකින් 29 දෙනෙකු තුවාල ලබා ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.

මාතර සිට මොනරාගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරු හා ටිපර් රථයේ රියදුරු වෙති.