(නාලක සංජීව දහනායක)
දැනට භාවිත වන බස්රථ වෙනුවට පහත මට්ටමේ තට්ටුවක් සහිත බස් රථ (Low Floor bus) ගෙන්වීමට මගී ප්‍රවාහන කළමණාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.
මෙම වසරේදී එම වර්ගයේ බස් රථ 2000ක් පමණ ගෙන්වීමට තීරණය කර ඇති බව අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙක් පැවැසීය.
තට්ටුව පහත් බස්රථවලට ගොඩවීම පහසුවන අතර එම බස් රථවල ඉඩ පහසුකමද සාමාන්‍ය බස් රථවලට වඩා වැඩි බවද හෙතෙම සඳහන් කළේය.
පෞද්ගලික අංශය වර්තමානයේදී මෙරටට ගෙන්වන්නේ ලොරි තට්ටුවක් බස් රථයක් සේ සකස් කළ බස්රථ බවත් ඒවායේ ගමන් කිරීමේදී හා ගොඩවීමේදී මගින් බොහෝ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන බවද ඔහු කීය.
එබැවින් ඉදිරියේදී එවැනි බස්රථ ගෙන්වීම නතර කර පතුල් පහත් බස් රථ ගෙන්වීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙන බවද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.



