
( අමදෝරු අමරජිව)
මැරිමට තහනම් ක්ෂිරපායි මත්සයකු වන ඩොල්ෆින් මසුන් මරා ඒවා කැබලි කරවල කර මෝර වරල් තොගයක් සමග ත්‍රිකුණාමල ධිවර වරායට සේන්දු වූ බහුදින ධිවර යාත්‍රාවක් පුද්ගලයින් 6 දෙනෙකු සමග අත්අඩංගුවට ගැනිමට නාවික හමුදා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමත් වුහ.
දික්ඕවිට ධිවර වරායෙන් පිටත් වි ත්‍රිකුණාමල ධිවර වරාය මසුන් අල්ලාගෙන පැමිණි මෙම යාත්‍රාව පරික්ෂා කිරිමේදි මෙම මෝර වරල් තොගය හා ඩොල්ෆින් මත්ස්‍ය කරවල තොගය අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමල ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට වැඩිදුර පරික්ෂණ සදහා බාර දි තිබේ.
මෙම මෝර වරල් හා ඩොල්ෆින් මත්සය කරවල අධික මිලකට අලෙවි වන බවත් ඒවා මිලදි ගැනිමට වෙනම පිරිස් සිටින බවත් පරික්ෂණ පවත්වන ධිවර නිලධාරිහු පැවසුහ.
මෝරවරල් කිලෝ ග්‍රෑම් එකක් හා ඩොල්ෆින් මත්ස්‍ය කරවල කිලෝ ග්‍රෑම් හයක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ සැකකරුවන්ට නඩු පැවරිමට නියමිතය.
ධිවර හා ජලජ සම්පත් සහකාර අධ්‍යක්ෂ අනිල් සේනාරත්න මහතාගේ උපදෙස් මත ධිවර නිලධාරි ඉෂාර කම්කානම්ගේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

