(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කටයුතුද ඩොලර් අර්බුදය හේතුවෙන් ගෙවීම් නිසි වේලාවට කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් ප්‍රමාදවී ඇති බව වාර්තා වේ.
කොළඹ වරායේ ඊ.සී.ටී (ECT) පර්යන්තයේ ඉදිකිරීම් කඩිනම් කර නියමිත කාලයට අවසන් කරන ලෙස වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
අමාත්‍යවරයා මෙසේ උපදෙස් දුන්නේ එම පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
කොළඹ වරායේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සියලු දෙනාගේ අදහස් හා යෝජනා සැලකිල්ලට ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.
ඇනවුම් කර ඇති ග‍්‍රැන්ටි‍්‍ර දොඹකර 03 කඩිනමින් ලබා ගැනීමෙන් වරාය අධිකාරියට ආදායම් උපදවා ගත හැකි
බව එම අධිකාරිය පවසයි
මෙම නිරික්ෂණ චාරිකාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස්.රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් ඞී. බර්නාඞ්, උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(තාක්ෂණ) සුසන්ත අබේසිරිවර්ධන, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ(වැබ.) (පරිපාලන) ප‍්‍රභාත් ජේ. මලවිගේ යන මහත්වරුන් ඇතුළු ප්‍රධානීහු පිරිසක්ද සහභාගි වූහ.

