ඩී.අයි.ජී. නාලකගේ වැටුප ගැන අධිකරණයෙන් නියෝගයක්


(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට සම්පූර්ණ වැටුප් ගෙවීමේ හැකියාව සොයා බලන ලෙස පොලිස්පතිවරයාට දැනුම් දෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම දැනුම් දීම සිදුකරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා තමන් අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, එස්.තුරේරාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිනි.

නාලක සිල්වා මහතාට දැනටමත් අර්ධ වැටුප් ගෙවන බවද නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේය.