ඩයනාගේ නඩු විභාගය අගෝස්තු 21ට කල් යයි


(තිවංක ජයවර්ධන)

ආගමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි චෝදනා ළද හිටපු අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ජූලි 31 විභාගයට ගැනීමට නියමිතව තිබු නඩුව අගෝස්තු 21 වැනිදා විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියම කළාය.

විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතාට ජූලි 31 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන නඩුවක් සඳහා පෙනී සිටීමට සිදුව ඇතැයි කියමින් නඩු විභාගය සඳහා වෙනත් දිනයක් දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිසිත් අබේසූරිය මහතා කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව එසේ නියම කෙරිණි.

නීතිඥ නිසිත් අබේසූරිය මහතා ගොනු කළ මෝෂමකට අනුව මෙම නඩුව කැඳවනු ලැබීය.

2014 ජනවාරි මස 20 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී බත්තරමුල්ලේදි එන්.50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම, වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම, 2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වාත් 2017 ජූලි මස 17 සිට 2018 ජූලි මස 16 දින දක්වාත්, 2018 ජූලි මස 17 සිට 2019 ජූලි මස 16 දක්වාත්, 2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වාත්, 2020 සිට 2022 නොවැම්බර් පළවෙනි දින දක්වාත් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම, ඇතුළු චෝදනා යටතේ මෙම නඩු හත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශෂණ කොට්ඨාශය මගින් ගොනුකර ඇත.