(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානයේ මෙවර පැවත්වෙන මහමැතිවරණය වෙනුවෙන් උතුරු නැගෙනහිර පළාත් සඳහා ඉදිරිපත් කෙරෙන අපේක්ෂක ලැයිස්තුව සකසා අවසන් බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.
කෙසේ වෙතත් උතුරු පළාතෙන් දෙමළ ජාතික සන්ධානයට ඉදිරිපත් කෙරෙන නාම යෝජනා ලැයිස්තුවේදී යාපනය ඡන්ද බලප්‍රදේශයට ඉදිරිපත් කෙරෙන නම් ලැයිස්තුවේ දී කාන්තා නියෝජනය සඳහා දැඩි විරෝධයක් එල්ල වී ඇත.
ඊට ප්‍රධානතම හේතුව වී ඇත්තේ යාපනය ඡන්ද බල ප්‍රදේශය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ඝාතනයට ලක් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතාගේ බිරිය වන ශෂිකලා රවිරාජ් මහත්මියට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සාමාජිකාවක් වන අම්බිකා සට්ගුණරත්නම් යන අය නාම යොජනා වෙනුවෙන් ඉදිරිපත් කිරීමයි.
යාපනයේ සිටින කාන්තා සිවිල් සංවිධාන විසින් මෙම විරෝධතාවය පල කර සිටින අතර එම සිවිල් සංවිධාන විසින් පෙන්වා දෙන්නේ කොළඹ පදිංචි අයෙකු යාපනයෙන් තරග වැදීමට යොමු කිරීම දැඩි අසාධාරණයක් බවටත් යාපනය ඡන්ද බලප්‍රදේශයේ පදිංචි සමාජ ක්‍රියාකාරී කාන්තාවන් නියෝජනය කරනු ලබන ප්‍රබල කාන්තා චරිත සිටින බැවින් එම පිරිස් වෙනුවෙන් පක්ෂයේ අවස්ථාවන් ලබාදිය යුතු බවයි.

