ටී - 56 ගිනි අවියකින් නිවසකට වෙඩි තබා පලායයි


(ඔගස්ටින් ප්‍රනාන්දු)
 

වෙන්නප්පුව බටහිර දුම්මලදෙනිය ප්‍රදේශයේ නිවසකට මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (9) රාත්‍රියේ වෙඩි තබා පලාගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය කියයි.

නිවසේ පදිංචි අයේෂා සමන්මලී ( 45 ) මහත්මිය කර ඇති පැමිණිල්ලක් අනුව නිවසේ සාමාජිකයන් රූපවාහිනිය නරඹමින් සිටියදී වෙඩි හඩක් ඇසුණු බවත් ජනේලවල වීදුරු බිදී ගිය බවත් දන්වා ඇත.

එම අවස්ථාවේදී ම නිවස අසළ නවතා තිබූ සැකකකටයුතු මෝටර් රථයක් පිටව ගොස් ඇත.

ටී 56 ගිනි අවියකින් මෙම වෙඩිතැබීම කර ඇතැයිද පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම මධ්‍යම රාත්‍රි 11 ට පමණ සිදුව ඇති අතර කිසිවකුත් හානි සිදුව නැති බවත් පොලිසිය කියයි.

පොලිසිය එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.