(නිශාන්ත කුමාර)
මහියංගන දළුකාන ප්‍රධාන මාර්ගයේ බතලයාය ගල් වැඩපොළ ආසන්නයේදී අද (03) සවස ටිපර් රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් හත් දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගිරාදුරුකෝට්ට පොලිසිය පැවසීය.
තුවාල ලැබූ පිරිස මහියංගන රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කීය.
අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ මහියංගන , ගිරාඳුරුකෝට්ට සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් පිරිසකි.
දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගන දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථය සංඥා යොදා ගල් වැඩපොළ දෙසට හැරවීමට යාමේදී පසුපසින් අධික වේගයෙන් පැමිණි බස් රථය ලොරියේ ගැටී ඇති අතර විසිවී ගිය ලොරිය ඒ අසල තිබූ බස්නැවතුම්පලක ගැටීමෙන් අනතුර සිදු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
අනතුරින් පසුව බස් රථයේ රියදුරා අතුරුදන්ව ඇති අතර ගිරාදුරුකෝට්ටෙ පොලිසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ බස් රථයේ ගමන්ගත් හය දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් අතර බසයේ කොන්දොස්තරවරයා ද වන බව පොලිසිය පවසයි.
රෝහල් ගත කළ පිරිසෙන් දෙදෙනෙකු මේ වන විට රෝහලින් පිටව ගොස් ඇති අතර සෙසු පිරිස තවමත් ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.




