ටිපරයේ ගැටී තිදරු පියා මරුට


(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 

වැලි  ප්‍රවාහන කරමින් තිබු ටීපර් රථයකට ගැටිමෙන් තිදරු පියකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (20) දින සවස අවාසනාවන්ත ලෙස  මරණයට පත්ව තවත් අයකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර  ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශය පවසයි.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පුත්තලම පාලවිය ලුණු සමාගමේ  රියදුරු සහයකවරයකු ලෙස සේවය කරමින් සිටි පාලවිය කරිකට්ටිය පදිංචි  වර්ණකුලසුරීය රනුෂ්ක දිවන්ත නැමති අයෙකු  බව කියයි.

පාලවිය ලුණු සමාගමේ සේවා මුරය අවසන් වි ඔහුගේ ඥාති බාප්පා සමග යතුරු පැදියෙන් නිවස බලා ගමන් කරමින් සිටියදී පාලවිය නගරයෙදී බස් රථයකට ඉස්සර කරමින් ඉදිරියට ඇදෙමින් සිටියදී පසුපසින් වැලි ප්‍රවාහනය කරමින් ධාවනය වු ටීපර් රථයට යටිවි මිටර් 50 කට වැඩි දුරක් ඇදි ගොස් සිරුරේ කොටසක් සම්පුර්ණයෙන් කුඩුවි සිටියදී පුත්තලම රෝහලට ඇතුලත් කර තිබු බව කියයි.

අනතුරීන් පසු ප්‍රකෝප වු පිරිස් ටීපර් රථ රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනයට කෝප වි ඔහුට පහර දි ඇති බවද කියයි.

අදාල ටීපර් රථය පුත්තලම ප්‍රාදේශීය  සභාවේ  සභාපතිවරයකු ලෙස කටයුතු කල ප්‍රාදේශීය දේශපාලඥයකුට අයත් ටීපර් රථ සමුහයෙන් එකක් බව පොලිසිය පවසයි.

මරණයට පත්වු තැනැත්තාගේ බිරිද තවත් දරුවෙකු ප්‍රසුත කිරීමට සුදානමින් සිටින බවත් කියයි.