රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමේ අරමුණින්, ඇමෙරිකා ජනාධිපති ඩොකල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි.
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ පැවැත්වුණු එම දුරකතන සංවාදය අවසන් වූයේ, කඩිනමින් සටන් විරාමයකට යෑමට රුසියන් ජනාධිපති පුටින් කැමැත්ත පළ කිරීමෙන් යැයි ඇමෙරිකා ජනාපධිති ට්‍රම්ප් පසුව මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
මුලින් සටන් විරාමයක් ද ඉන්පසු සාම වැඩපිළිවෙළක් ද ක්‍රියාවට නැංවීමටත්, ඒ සඳහා යුක්රේනය සමඟත්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟත් සෘජු සාකච්ඡා ඇතිකර ගැනීමට රුසියන් ජනාධිපති පුටින් එකඟත්වය පළ කළ බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
(අල් ජසීරා)