ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටත්වෙයි


 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මීට සුළු මොහොතකට පෙර ධවල මන්දිරයෙන් පිටත්ව ගියේ ය.
 
ඒ අනුව හෙතෙම ජෝ බයිඩන් මහතාගේ දිවුරැම් දීමේ උත්සවයට සහභාගී නොවන අතර එය ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයකු දිවුරැම් දීමේ උත්සවයට සම්බන්ධ සම්ප්‍රදාය කඩ කිරීමේ සුවිශේෂී අවස්ථාවක් බව පැවසේ.
 
ඔහු ජනාධිපතිවරයාට වෙන් වූ හෙලිකොප්ටර් යානයෙන් ධවල මන්දිරය ආසන්නයේ පිහිටි හමුඳා කඳවුරකට යන බවත් ඉන් අනතුරැව හෙතෙම ෆ්ලෝරීඩා ජනපදය වෙත ගමන් කිරීමට නියමිත බවත් වාර්තා විය.
 
ජනාධිපති ට්‍රම්ප් මහතා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වන අතර මේ වනවිට 74 වැනි වියේ පසුවෙයි. ඔහු සහ ජනාධිපති ආර්යා මෙලානියා ට්‍රම්ප් කෙටි රතු පළසක් මතින් මරීන් වන් හෙලිකොප්ටර් යානයකට ගොඩවන අයුරු දක්නට ලැබිණි.

 

ධවල මන්දිරයේ තණබිමේ හෙලිකොප්ටර් යානය නවතා තිබූ අතර අද දින ය ප්‍රබෝධමත එහෙත් සිසිර දිනයක් යැයි ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබිණි.
 
ට්‍රම්ප් මරීන් වන් හෙලිකොප්ටර් යානයෙන් ඇන්ඩෘස් ඒකාබද්ධ හමුදා කඳවුරට යන අතර එතැනින් ‘එයාර් ෆෝස් වන්’ ගුවන් යානයට ගොඩ වීමට නියමිත ය.
 
ජෝ බයිඩන් ඇමෙරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන විට ට්‍රම්ප් ෆ්ලෝරීඩා ජනපදයේ පිහිටි මාර්-ආ-ලාගෝ නිවාඩු නිකේතනයේ විවේකීයව කාලය ගත කරනු ඇත.

 


 
(ඒ.එෆ්.පී.)
 
055