ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්න යයි


(විමුක්ති එස් රුද්‍රිගු)

ඩෙන්මාර්කයේ ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට අදහස් කරන බව ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් කීපවතාවක්ම ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.

එලෙස මාධ්‍ය වාර්තා පළවීමත් සමග නිව් යෝර්ක් මහ බැංකුවේ හිටපු ආර්ථික විද්‍යාඥයෙකු මෙන්ම දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පිළිගත් චරිතයක් වන ඩේවිඩ් බාර්ක ග්‍රීන්ලන්තයට මිලක් නියම කර ඇත. ග්‍රීන්ලන්තයේ අලෙවි කරන්නේ නම් එහි මිල ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ත් 77 ත් අතර වනු ඇතැයි ඔහු ඇස්තමේන්තු කර තිබිණි.

ඇමෙරිකාවේ වර්ජින් දූපත් සහ ඇලස්කාහි වටිනාකම මත පදනම්ව ග්‍රීන්ලන්තයේ උද්ධමනය සහ ආර්ථික වර්ධන වේගය සළකමින් බාකර් මෙලෙස ග්‍රීන්ලන්තයේ මිල නියම කර ඇත.