ට්‍රම්ප් කලකිරීමෙන්


(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් පිළිබඳ ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මසක් තුළ දැඩි අකැමැත්තක් ගොඩ නැගී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට තාර්කික හැකියාව අහිමි වී ගොස් ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය.

එය මානසික තත්වයක් බවද ඔහු පැවැසුවේය. තමාගේ බදු කප්පාදු සහ වියදම් සැලසුම් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පනත් කෙටුම්පත් විවේචනය කළ මසක් පිළිබඳව තමන් දැඩිව කළකිරුණු බවද ඔහු ප්‍රකාශ කළේය.

තමන් පිළිබඳව නරක දේ පැවැසීමට ඊලෝන් පටන් ගෙන නොමැති නමුත් එයද ඔහු ඉදිරියේදී සිදු කරනු ඇතැයි ඔහු පැවැසුවේය. තමන් ඊලෝන් මස්ක්ට ගොඩක් උදව් කළ බවත් දෙදෙනා අතර හොඳ සබඳතාවක් තිබූ බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කෙසේ නමුත් එම සබඳතාව තව දුරටත් තිබේවී යැයි තමන්ට විශ්වාසයක් නොමැති බවද ඔහු පැවැසුවේය.

ජනපති ට්‍රම්ප් මස්ක් පිළිබඳව එවැනි මතයක් දරද්දී මස්ක් පසුගියදා ජනපති ට්‍රම්ප් දෝෂාභියෝගයකින් ඉවත් කළ යුතු බවටද යෝජනාවක් කළේය.