අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තලෙයිබාන් සංවිධානය සමඟ අද පැවැත්වීමට සැලසුම් කර තිබූ සාම සාකච්ඡා අවලංගු කර ඇත.
ඇමරිකානු සොල්දාදුවෙකු ඇතුළු තවත් 11 දෙනෙකු මරණයට පත්වූ කාබුල් නුවර ප්‍රහාරය පසුපස තලෙයිබාන් කැරලිකාර කණ්ඩායම සිටින බවට අනාවරණය වීමෙන් පසු ඔහු මෙම තීරණයට එළඹී තිබේ.
තලෙයිබාන් සංවිධානයේ නායකයින් සමඟ රහසිගත සාකච්ඡාවක් පැවැත්වීමට හා ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.
ඉතා වැදගත් වන සාම සාකච්ඡා අතරතුරදී ඔවුන්ට සටන් විරාමයක් සඳහා එකඟවීමට නොහැකිව අහිංසක පුද්ගලයින් 12 දෙනෙකු ඝාතනය කිරීමට හැකි නම් අර්ථවත් ගිවිසුමක් සඳහා එකඟවීමට ඔවුන්ට නොහැකි බව ට්විටර් පණිවිඩයකින් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
මෙම ප්‍රහාරයෙන් මියගිය අමෙරිකානු සොල්දාදුවා සමඟ මෙම වසරේදී ඇෆ්ගනිස්ථානයේදී මියගිය සොල්දාදුවන් සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.
-226-
(රොයිටර්ස් ඇසුරෙනි)


