(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා කොරියානු තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සමඟ සහයෝගයෙන් සංවිධානය කරන ලද ටයිකොන්ඩෝ තානාපති කුසලාන 2025 ශූරතාවලිය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
කොරියා තානාපති කුසලාන ටයිකොන්ඩෝ ශූරතාවලිය කොරියාව සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ ශක්තිමත් බැඳීම්වල සංකේතයක් ලෙස දැක්විය හැකි බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මෙහිදී කීය.
විවිධ වයස් කාණ්ඩ සහ කුසලතා මට්ටම් වලින් තරඟකරුවන් මෙම ටයිකොන්ඩෝ ශූරතාවලිය කෙරෙහි ආකර්ෂණය වී ඇති බවත්, දෙරටෙහි ද්විපාර්ශ්වික ක්‍රීඩා සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරුව වැඩිදියුණු වීමට එය බලපාන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
කොරියානු තානාපතිනී මියන් ලී සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහත්වරු ද මීට සහභාගී වූහ.