(සුජිත් හේවාජුලිගේ)
ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සිටින්න ඕන ගල්ගුහා, හුඹස් සහ ගස් බෙනවල දැයි තමා ප්‍රශ්න කරන බව ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය
හඳුන්නෙත්ති මහතා මෙසේද ප්‍රකාශ කළේය.
ඒ වගේම මහා හොරකම් කරලා මත්කුඩු විකුණලා මුදල් හොයන එකද හොඳ. කාගෙන් හරි ඉල්ලගෙන ජීවත් වෙන එකද හොඳ. මේ දෙක තේරුම් ගන්න ඕන. වැදගත් වෙන්නේ දේශපාලනයෙන් සහ ජනතාව විකුණලා හරි හම්බ නොකර ජීවත් වෙන එක.
අපි දන්නවා. වසන්ත සමරසිංහ සහෝදරයා මුල ඉඳන් ටියුෂන් කරපු කෙනෙක්. තව එකක් දේපළ තිබුණ කෙනෙක්. ජනතාව අපේ නායකයන්ට උදව් කරනවා. අනිත් පක්ෂ වල අයට එහෙම නැති වුණාට අපිට කරන්න දෙයක් නෑ. මේක ඇත්තෙන්ම න්‍යායාත්මකව සංවාද කරන්න ඕන කාරණයක්.

