(ආරියදාස කොඩිතුවක්කු)
මිද්දෙණිය ජුලම්පිටියේ පදිංචි ජී.ජී. අමරසිරි නොහොත් ජූලම්පිටියේ අමරේට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද මහතා අද (7) මරණීය දණ්ඩනය නියම කළේය.
වසර හතකට පෙර කටුවන හැඩිවත්ත පින්නමණ්ඩියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට කඩා වැදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් අයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට එරෙහිව ඔහුට මරණ දඬුවම නියම කෙරිණි.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ මිද්දෙණිය, ජූලම්පිටියේ පදිංචි ගීගන ගමගේ අමරසිරි හෙවත් ජූලම්පිටියේ අමරේ නැමත්තාටය.
2012.06.15 වන දින කටුවන, හැඩිවත්ත, පින්නමණ්ඩියේ අංක 26/ඒ ලිපිනයේ පදිංචි ලියනගේ රංජිත් නැමැත්තාගේ නිවසේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ රැස්විමකට රාත්‍රි 7.00ට පමණ කඩා වැදී ජුලම්පිටිය අමරේ නැමැත්තා විසින් සිදු කළ වෙඩි තැබීමකින් කාන්තාවක හා තරුණයකු මිය ගිය අතර තවත් පුද්ගලයකු බරපතල තුවාල ලැබීය.
(ඡායාරූප - චන්ද්‍රසේන ගමගේ)


