
(ටී.කේ.ජී.කපිල )
යුග දිවියට පිවිසී හිටපු අමාත්‍ය , ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සහ ඔහුගේ බිරිඳ අද(26) උදෑසන ඉන්දියාවේ සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටට පැමිණියහ .
ඔවුන් ඉකුත් 23 දින තිරිප්පූර් වලදී විවාහ දිවියට එළඹ තිබෙන අතර ඔහුගේ බිරිඳ සීදෙයි ශ්‍රී නාච්චියාර් වෛද්‍යවරියකි .
ඔවුන් අද දින උදෑසන 11.05 ට ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 132 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියට පැමිණ සිටියහ.

