ජාතික හැඳුනුම්පත් සති 2ක් තුළ නිකුත් කරන්න යයි


(ජයන්ත සමරකෝන්)

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිකුත් කරන ජාතික හැඳුනුම්පත් සති දෙකක් වැනි කාලසීමාවක් තුළ නිකුත් කිරීම සඳහා අවධානය යොමුවී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින් ඉදිරිපත් කරනු ලබන මෙම ඉල්ලුම්පත්වල ප්‍රමාදය හේතුවෙන්, ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම කල් යන බවත්, මේ සඳහා නිශ්චිත කාලසීමාවක් නොමැතිකමින් ජනතාව අසීරුතාවයට පත්ව සිටින නිසා මෙම පියවර ගන්නා බවත් එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(05) පැවසීය.

හැඳුනුම්පත් සාමාන්‍ය ක්‍රමවේදය යටතේ නිකුත් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය පියවර රැසක් පිළිබඳව මේ වනවිට සිය අවධානය යොමු වී ඇතැයිද ඒ මහතා කීය.

අයැදුම්පත්වල පවතින අඩුපාඩු ද මෙම ප්‍රමාදයට වැඩි වශයෙන් බලපා ඇතැයි හෙතෙම සඳහන් කළේය.