(අජන්ත කුමාර අගලකඩ)
හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික සමගි ජනබලවේගයේ මැතිවරණ ව්‍යාපාරය ලබන 20 වැනිදා පස්වරු 2.00 ට මහනුවරින් ආරම්භ කිරීමට නියමිතය.
සජිත් ප්‍රේමදාස මහතා එදින මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මත්වතු අස්ගිරි මහානාහිමිවරුන්ද බැහැදැක ඡන්ද ව්‍යාපාරයට සහභාගි වන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
සමගි ජනබලවේගයට සම්බන්ධ සියලු පක්ෂවල නායකයන් හා සිවිල් සංවිධාන නියෝජිතයන්ද එදින රැස්වීමට සහභාගි වන බව ඔහු කීවේය.

