(නිමල කොඩිතුවක්කු)
විසුම්පායේ පිහිටි ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් පිරිසක් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන් ඉවත් වන ලෙසට අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරයකු බව කියන පුද්ගලයකු විසින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.
එම ස්ථානයෙන් පිටව යන ලෙසට අදාල ලේකම්වරයා විසින් අද (31) දැනුම් දුන් බව එහි සේවයේ නියුතු මාධ්‍යවේදීන් සඳහන් කරති.
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය.
මේ වනවිට එහි මාධ්‍යවේදීන් 30 ක පමණ පිරිසක් සේවය කරනු ලැබූහ.
කෙසේ වෙතත් ඉන් අනතුරුව ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ මාධ්‍ය වේදීන්ට කිසිඳු ගැටලුවකින් තොරව කටයුතු කිරීමට හැකියාව ඇති බව තවත් උසස් නිලධාරියෙකු පැමිණ ප්‍රකාශකර ඇතැයි ද වැර්තා වේ.