ජාතික පාසල් 132 ක විදුහල්පති පුරප්පාඩු


(*** රංජන් කස්තුරි)

ජාතික පාසල් 132ක විදුහල්පති පුරප්පාඩු තවමත් සම්පූර්ණ කර නැතැයි වාර්තා වේ.

ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා ඉකුත් ආණ්ඩු සමයේ අයැදුම්පත් කැඳවා තිබූ අතර මේ වසරේ මුලදී ඒ සඳහා සම්මුඛ පරීක්ෂණද පවත්වා පාසල් 170 කට නව විදුහල්පතිවරුන් පත්කෙරිණි.

එහෙත් තවමත් විදුහල් 132 කට විදුල්හල්පතිවරුන් පත්කර නැති අතර ඒවායේ තවමත් සේවය කරන්නෝ වැබඩලන විදුහල්පතිවරුය.
මේ පිළිබඳව ‘‘ලංකාදීප’’ය කළ විමසුමකදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ දේශපාලන බලපෑම් මත වැඩබලන විදුහල්පතිවරුන් දිගටම පාසල්වල සේවය කරන බවයි.

ඔවුන් ඉවත්කර ස්ථිර විදුහල්පතිවරුන් පත්කිරීමට බලධාරීන් කටයුතු නොකරන බවද ජෝසප් ස්ටාලින් මහතා කීය. ඉතුත් ආණ්ඩු සමයේ වැඩබලන විදුහල්පතිවරුන් පිරිසකට දේශපාලන රැකවරණය ලැබුණු අතර නව ආණ්ඩුව යටතේ තවත් වැඩබලන විදුහල්පතිවරුන් පිරිසක් ආරක්ෂාවී සිටින බවද ජෝසප් ස්ටාලින් මහතා කීවේය.