(සුජිත් හේවාජූලිගේ)
මෙවර අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර ඇතැයි එම පෙරමුණ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නමුත් ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට විරුද්ධව විවේචන ඉදිරිපත් කිරීම සඳහා අයවැය විවාදය උපරිමයෙන් යොදාගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.
වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ ද පැවසීය.
‘මේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තියට මේ රට ගොඩනගන්න බැහැ කියන එක දැන් ඔප්පු කරලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය මුල්වුණු ආර්ථික ප්‍රතිපත්ති මේ රට ගෙනගිය තැන අප අවුරුදු ගණනාවක් තිස්සේ අත්දැක්කා. අයවැයට කලින් ජනතාව මත බදු බර පටවලා රජයේ ආයතන, දේපළ විකුණලා දාලා ඉවරයි. ඉදිරියේ එන අයවැය ලේඛනය පුස් ලියවිල්ලක් විතරයි. ඒකෙන් ජනතාවට සෙතක් වේය කියලා හිතන්න බැහැ. පුස් අයවැයකට ඡන්දය දෙන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.’