(නිමල කොඩිතුවක්කු)
පවතින වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රාජාංගනය, යෝධවැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, යෝධවැව, මහකණදරාව, ඇතුලු ප්‍රධාන ජලාශ 36 ක් වාන්මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන ප්‍රධාන ජලාශ 73 ජල ධාරිතාව සියයට 80 ඉක්මවා ඇති බව බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය) එල්. එස්. සූරියබණ්ඩාර මහතා පවසයි.
ප්‍රධාන ජලාශවලට අමතරව මධ්‍යම ප්‍රමාණයේ ජලාශවල ජලමට්ටම විශාල වශයෙන් ඉහළ යමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.
වාන් ජලය නිකුත් කරන ජලාශ ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විසින් නිකුත් කරන නිවේදන සම්බන්ධව නිරන්තර අවධානය යොමු කරන ලෙසත් සූරියබණ්ඩාර මහතා තවදුරටත් පැවසීය.