(ඩි.ජි.සුගතපාල)
බටදුව පිහිටි සුප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ජල ටැංකියට වැටි එම කම්හලේ 37 හැවිරිදි විධායක නිලධාරියෙකු සහ ඔහුගේ නව හැවිරිදි පුතා අද(15 ) මියගොස් ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අක්මිමණ තල්ගමපල පදිංචි පිය පුතු දෙපලකි.
අලුත් අවුරුදු නිවාඩුවට කම්හල වැසිමෙන් පසු දින දෙකෙන් දෙකට මාරුවෙන් මාරුවට පැමිණ කම්හල පරික්ෂා කිරිමට විධායක ශ්‍රේණියේ නිලධාරින් කිහිප දෙනෙකුට පවරා ඇති අතර ඒ අනුව අද දිනයේ මියගිය නිලධාරියා පැමිණ ඇත.
අද දිනයේ ඔහු පැමිණෙන විට ඔහුගේ නව හැවිරිදි පුතාද පැමිණ ඇත.ඔහු පුතා සමග උදේ 10.30ට කම්හල් භුමියට ඇතුලු වුවත් දහවල් 2.00 වනතුරුත් පිටතට නොපැමිණි නිසා ආරක්ෂක නිලධාරින් සොයා බැලිමේදි යන්ත්‍ර සුත්‍ර සිසිල් කිරිමට ජලය ලබා ගන්නා වතුර ටැංකියේ පිය පුතු දෙදෙනො වැටි සිටියදි සොයාගෙන ඇත.
පසුව ඔවුන් ගොඩට ගෙන කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර ඒ වනවිටත් ඔවුන් මියගොස් සිටි බව කරාපිටිය රෝහල් පොලිසියේ ප්‍රකාශකයෙකු පැවසිය.
මියගිය අයගේ මරණ පරික්ෂණ කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිත අතර අක්මිමණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මධුරංග අරුමප්පෙරුම මහතා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු පවත්වා ගෙන යනු ලැබේ.

