ජර්මන් ජාතික ‘‘සුදු අම්මාගේ‘‘ ඡන්ම දිනයට ගංගාරාමයේ පිංකම්


ජර්මන් ජාතික උර්සුලා බෙයර් ( සුදු අම්මා ) මහත්මියගේ 83 වන ජන්ම දිනය නිමිත්තෙන් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කළ බෝධි පූජා පින්කමක් සහ උත්සවයක් (26)පස්වරුවේ එම විහාරස්ථානයේදී පැවැත්විණි.

ජර්මන් ජාතික උර්සුලා බෙයර් ( සුදු අම්මා ) මහත්මිය කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය මුල්කර ගනිමින් දිවයින පුරා දුෂ්කර ප්‍රදේශවල පිහිටි විහාරස්ථානවලට මෙන්ම   දුෂ්කර ප්‍රදේශවල අධ්‍යාපනය ලබන පාසල් දරුවන් සඳහා නිරතුරුව ආධාර උපකාර කරයි.

ගංගාරාම විහාරාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි , මහාචාර්ය අගළකඩ සිරිසුමන , හැව්හෝවිට ගුණානන්ද , පාලටුවේ ජිනරතන , හීං බුන්නෙ කොණ්ඩඤ්ඤ හිමි , පල්ලේගම රතනසාර හිමිවරු ද   උර්සුලා මහත්මිය සහ ඇගේ  පවුලේ සාමාජිකයෝද එක් වූහ. 

ඡායාරූපය ගයාන් අමරසේකර