ජයම්පතිගේ මන්ත්‍රීධූරය රත්නප්‍රියට


(නිමල කොඩිතුවක්කු)

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදිපයට පැවැසීය.

ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළේය.