ජනාධිපති ධුරයට නම් කැඳවීම අද උදේ 10.00ට



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අභිනව  ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා  නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේ දී සිදු කෙරේ .

ජනාධිපති ධූරය සඳහා   වැඩබලන ජනාධිපතිවරයා ඇතුළු අපේක්ෂකයන් සිව දෙනකු ඉදිරිපත් වීමට නියමිතව ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ග මාර්ග වලින් පැවසේ .

පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද උදේ 10.00ට  රැස්වීමට නියමිතය