ජනාධිපති කොමිසමට එන්න’යි හිටපු මැති ඇමතිවරු 8 කට දන්වයි


 (මුදිතා දයානන්ද)
 
පාස්කු ඉරුදින ප්‍රාහාර පිළිබඳ  සෙවීමේ ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට  පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස  හිටපු අමාත්‍යවරුන් වන අකිල විරාජ් කාරියවසම්,රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු මැති ඇමැතිවරුන් 8 දෙනකුටකොමිසම  දැනුම් දී තිබේ.
 
 ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා අගෝස්තු 28 වැනිදාද  හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා  අගෝස්තු 31 වැනිදා ද හිටපු රංජිත් බණ්ඩාර මහතා  හා  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ  යන  මහත්වරුන් සැප්තැම්බර් 02 , කැඳවෙන අතර හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහත්වරුන්ට සැප්තැම්බර් 03 වැනිදාද  අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සැප්තැම්බර් 07 වැනිදාත් රාජ්‍ය ඇමැති දිලුම් අමුණගම මහතා සැප්තැම්බර් 8 වැනිදා   මෙම විමර්ශන ඒකකයට ප්‍රකාශ ලබා දීමට නියමිතය.