
(ඩයනා උදයංගනී)
උද්ගතව ඇති කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලයට කැඳවන සේවක සංඛ්‍යාව සීමා කර තිබුණද ඉන් මහජනතාවට සැපයෙන සේවා අඛණ්ඩව පවත්වාගෙන යන බව එම කාර්යාලය පවසයි.
රෝගය පාලනය පිණිස පනවා ඇති සීමා නිසා ජනාධිපති කාර්යාලයට පැමිණීමට මහජනතාවට ඇති අපහසුව සැලකිල්ලට ගෙන දුරකථන, තැපෑල සහ විද්‍යුත් තැපෑල යන සන්නිවේදන මාර්ග ඔස්සේ තම ඉල්ලීම් දැනුම් දීමට අවස්ථාව සලසා ඇතැයි ද එම කාර්යාලය සඳහන් කරයි.
ඒ අනුව ඉදිරි දෙසතියක කාලයේ දී, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය, ඔම්බුඩ්ස්මන් කාර්යාලය සහ ජනාධිපති අරමුදල සමග පහත සඳහන් දුරකථන/ ෆැක්ස් අංක ඔස්සේ සම්බන්ධ වීමට පිළිවන.
ජනාධිපති මහජන සම්බන්ධතා අංශයේ 0114354550, 0112354550 දුරකතන අංක, 0112348855 ෆැක්ස් අංකය සහ [email protected] යන විද්‍යුත් තැපෑල ඔස්සේත්, ඔම්බුඩ්ස්මන් කාර්යාලයේ 0112338073 දුරකතන අංකය සහ [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේත්, ජනාධිපති අරමුදලේ 0112354354 දුරකතන අංකය, 0112331243 යන ෆැක්ස් අංකය සහ [email protected] විද්‍යුත් තැපෑල ඔස්සේත් ජනතාවට තම සේවා ලබාගත හැකි බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

