ජනාධිපති කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගනී


(කුෂාන් ජයවර්ධන )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (03)  දහවල් කලාවැව කඩවර දේවාලය වැඳ පුදා ගැනීමට පැමිණියේය.

ජනාධිපතිවරයා පැමිණි එම අවස්ථාවට ප්‍රදේශයේ මහ සංඝරත්නය ද හිටපු අමාත්‍යවරුන් වන එස් එම් චන්ද්‍රසේන දුමින්ද දිසානායක ඇතුලු අනුරාධපුර දිස්ත්‍රික් ජනතා නියෝජිතවරු රැසක් ද එක්වූහ.

කඩවර දෙවිදුන් වැඳ පුදාගත් ජනාධිපතිවරයා එහි අලුතින් ඉදිකෙරෙන දේවාල භූමියද නිරීක්ෂණය කළේය.

ප්‍රදේශවාසීන් රැසක්ද එම අවස්ථාවේ ජනාධපතිවරයා දැකබලා ගැනීමට පැමිණ සිටි අතර ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා එහිදී ජනතාවගේ උණුසුම් පිළි ගැනීමට ද ලක්විය. එම අවස්ථාවට වැඩම කළ සිටි මහසංඝරත්නය එහිදී ජනාධිපතිවරයාට ආශිරවාද පිරිත් සජ්ඣායනාවක් ද පැවැත්වූහ.

ජනාධිපතිවරයා එම අවස්ථාවේ පැමිණ සිටි පිරිසට සිය ආචාරය ද පුදකළේය.