
(විනීතා එම්. ගමගේ)
දිවයින පුරා විසිරී සිටින ජනමාධ්‍යවේදීන්ගේ තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙළ සඳහා තොරතුරු එවීමට ලබාදී තිබු කාලය සැප්තැම්බර් 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ඒ සඳහා සකස් කරන ලද අයදුම් පත්‍රය ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් බාගත කරගැනීමට හෝ අමාත්‍යංශයට පැමිණ ලබා ගත හැකිය. සම්පූර්ණ කරන ලද අයදුම්පත් සැප්තැම්බර් 15 වැනිදාට පෙර අධ්‍යක්ෂ මාධ්‍ය, ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 5 යන ලිපිනයට එවිය යුතුය.
2019 වසරේ හෝ 2020 වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කරන ලද මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා ඇති මාධ්‍යවේදින්ගෙන් පමණක් මෙම අයදුම්පත් කැඳවනු ලබයි.
මාධ්‍යවේදීන්ට සහන සැලසීම සඳහා මෙම තොරතුරු රැස්කරන බව ජනමාධ්‍ය අමාත්‍යංශය කියයි. මේ පිළිබඳ වැඩි විස්තර 0112513645 යන දුරකතන අංකයෙන් ලබාගත හැකිය.

