ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලොක්කෙක් ඇතුළු 4කට කොරෝනා


(නිමන්ති රණසිංහ)

ජනමාධ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ දෙදෙනෙකුටත්, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තවත් දෙදෙනෙකුටත් වශයෙන් සිව්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඔවුහු කියා සිටිති.

මෙම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකර ඇත.