ජනබලය 5 වැනිදා කොළඹට


(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව ආණ්ඩුවට සහය පළකරමින් ලබන මස 5 වැනිදා කොළඹදී ජනබලය පෙන්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇත.

ඒ අනුව දිවයිනේ සියලුම ආසනවලින් ලබන 5 වැනිදා ජනතාව කොළඹට කැඳවීමට එම පක්ෂය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ අද (31) පැවැති ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමේදී මේ පිළිබඳ දැනුවත් කර ඇත