(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අතර විශේෂ හමුවක් චීනයේ බීජිං නුවරදී හෙට (20) සිදු කිරීමට නියමිතය.
චීනයේ එක් තීරයක් එක් මාවතක් වැඩසටහන වැඩසටහනට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල බීජිං නුවරට ගොස් සිටී.
ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේ දී ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡාවක් සිදු කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ වැඩිම ණය හිමියා වන්නේ ද චීන රජයයි.

