ජනපති මෝදි හමුවෙයි


(අංජුල මහික වීරරත්න ඉන්දියාවේ නවදිල්ලි සිට)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් රාශ්ට්‍රපති භවන්හිදී පැවැත්විණි.

ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්‍රපති භවන්හි දී මෝදි අගමැතිවරයා දිවුරුම් දීමෙන් පසු මෙම හමුව සිදුවිය.

ඉන්දියාවට පැමිණ සිටින රාජ්‍ය නායකයන් නව අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමෙන් පසු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි.