ජනපති මැඳුරු 8ක නඩත්තුවට කෝටි 8කට වැඩි වියදමක් කරලා


 (ජේ.කේ.එල්. චාමින්ද)

ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වසරේ (2024)  රුපියල් 80,154,422ක්   ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.

මෙම ජනාධිපති මන්දිරවල  ආරක්ෂක අංශ නිලධාරින් 392ක්, සිවිල්  සේවකයින් 16 දෙනෙකු  සේවයේ යෙදි තිබුණි. සිවිල් සේවකයින් 16 දෙනෙකු සදහා වැටුප් හා දිමනා  ගෙවිම සදහා ඉකුත් වර්ෂයේ  (2024)  දි රුපියල්  13,741,080 වැයකොට තිබුණි.

 ජනාධිපති ලේකම් කාර්යාල සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවට  ඇතුළත්කොට ඇති  විගණන වාර්තාව මගින් මෙම තොරතුරු අනාවරණය වි තිබුණි.