ජනපති නුවරඑළියේ ඇඳුම් තෝරන්න යයි


(අංජුල මහික වීරරත්න)

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය⁣ට අද උදෑසන පැමිණි ජනාධිපතිවරයා එහි පහත මහලයේ ස්ථාපිත කර තිබූ “මැදරට රෙදිපිළි වෙළෙඳ සැළ” විවෘත කිරීමට එක් විය.

අනතුරුව ජනාධිපතිවරයා රෙදිපිළි වෙළඳසැලේ ඇවිද එහි විකිණීමට තිබූ ඇඳුම් පිළිබඳව ද විමසිලිමත් විය.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, කංචන විජේසේකර, ජීවන් තොන්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. බී දිසානායක, වී. එස්. රාධක්‍රිෂ්නන්, රාමේෂ්වරන් මරුදපාණ්ඩි, මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත්. යු .ගමගේ යන මහත්වරු සහ අමාත්‍යංශ ලේකම්වරුන් ද, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් පී.කේ. නන්දන මහතා ඇතුළු රාජ්‍ය ආයතන ප්‍රධානීහු, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.