(නිමල කොඩිතුවක්කු)
දිගින් දිගටම ජනාධිපති නීතීඥවරු පත්කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නීතීඥවරු දැඩි කනස්සල්ල පළකර සිටිති.
ජනාධිපති නීතීඥවරු පත්කිරීම සම්ප‍්‍රදායක් ලෙස වසරකට එක් වරක් පමණක් සිදුවුවද මේ වසර තුළදී පමණක් දෙවරක්ම ජනාධිපති නීතීඥවරු පත්කිරීම සිදුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නීතීඥවරු ජාතික නීතීඥ සංගමයට කරුණු දක්වා තිබේ.
මේ වසර ආරම්භයේදී ජනාධිපති නීතීඥවරු 25 දෙනෙකු පත්කිරීමට පියවර ගත් අතර මේ සතියේදි තවත් ජනාධිපති නීතීඥවරුන් 21 දෙනෙකු පත්කරනු ලැබ ඇත.
මේ ආකාරයට ජනාධිපති නීතීඥවරු පතිකිරීම හේතුවෙන් සමස්ත නීති ක්ෂේත‍්‍රයම ප‍්‍රබල කැලඹිමකට ලක්ව ඇතැයි ද එක්සත් ජාතික පක්ෂ නීතීඥවරුන් ජාතික නීතීඥ සංගමයට වැඩිදුරටත් කරුණු දක්වා තිබේ.

