ජනපති නිල නිවස අරගලකරුවන්ගේ සැණකෙළි භූමියක් වෙයි


(අංජුල මහික වීරරත්න)

කොළඹ ජනාධිපති නිල නිවසට ඇතුළු වූ අරගලකරුවන් එහි නාන තටාකයට බැස දිය කෙළින අයුරු ද නිල නිවසේ වහලයට නැඟ සැරිසරන අයුරු ද දැකගත හැකිය.

වෙනදා දැඩි රැකවල් සහිතව තිබෙන ජනාධිපති නිල නිවස අද අරගලකරුවන් ගේ සැණකෙළි භූමියක් බවට පත්ව ඇති ඡායාරූප දහස් ගණනින් සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී