(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ අටවන 8 වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරු 10.15 ට ජනාධිපති ධුරයෙහි දිවුරුම් දීමට නියමිතව ඇත.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දෙයි.
මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණය දිවුරුම් දිවුරුම්දීමේ කටයුතු සඳහා ලහිලහියේ සූදානම් කෙරෙයි.