
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනපද සංචාරය නිමා කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇමරිකාවේ ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ජපානය බලා පිටත් විය.
ජපන් රජයේ ආරාධනයකට අනුව, ජනාධිපතිවරයා හෙට( 27) සිට ලබන 30 වැනි දා දක්වා ජපානයේ නිල සංචාරයක නිරත වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද එක්ව සිටී.

