ජනපති චීනය බලා පිටත්ව යයි


(ටී.කේ.ජී.කපිල)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිව් දින නිල සංචාරයක් සදහා චීනය බලා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (13) දින රාත්‍රී පිටත්ව ගියේය .

එතුමා සමග මෙම සංචාරය සදහා අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ බිමල් රත්නායක යන මහත්වරුන් ද එක් වී සිටියහ .

මෙම සංචාරය සදහා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා ආරධනාවක් මත සිදු කර තිබුණි .

ඔවුන් චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ එම්.යූ.- 232 දරන ගුවන් යානයෙන් චීනයේ ෂැංහයි නුවර බලා අද (13) දින රාත්‍රී 08.20ට පිටත්ව ගියහ .

ඔවුන් පිටත්ව ගිය ගුවන් යානය  සාමාන්‍ය මගී ගුවන් යානයක් වන අතර , එය ප්‍රමාද කිරීමකින් තොරව , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්වීමට සැළසුම් කර තිබූ නියමිත වේලාවටම පිටත්ව යාම ද සිදු කෙරුණි .

ජනාධිපතිවරයා සිය චීන සංචාරය නිමා කර ලබන 17 දින යළි ආපසු පැමිණීමට නියමිතය .