(ඉන්දිකා රාමනායක)
කොටුව ජනාධිපති ලේකම් කාර්‍යාලයට ඉකුත් ජුලි 09 දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළ වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් මෙම තිදෙනා ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත.
අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25-40 වයසේ පසුවන්නන් වන අතර ඔවුන් අගුණකොළපැලැස්සේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.

